(රංජන් කස්තුරි)
ගිංතොට සහ අම්පාර යන ප්‍රදේශවල ඉකුත් කාලයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වු දේපළ හා පුජනීය ස්ථානවලට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
හානි සිදුවු දේපළ හා පුජනීය ස්ථානවල හානි තක්සේරුව මත එම වන්දි මුදල් ගෙවීමට නියමිතය.
ගිංතොට ප්‍රදේශයේ ඇතිවු රිය අනතුරක් හේතුවෙන් සිංහල හා මුස්ලිම් තරුණයන් දෙපිරිසක් අතර ඇති කරගත් ගැටුමක් මුල්කර ගනිමින් ප්‍රදේශවාසීන් සිංහල හා මුස්ලිම් ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන තිබිණි. සිද්ධිය පාලනය කිරීමට දින දෙක තුනක් ගත විය.
අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකුට අයත් රාත්‍රී කෑම කඩයකින් සිංහල පුද්ගලයකු මිලදී ගත් කොත්තු රොටියක් කිසියම් පෙති වර්ගයක් තිබී හමුවු බවත් ඒවා වද පෙති බවටත් කතාවක් පැතිරී ගොස් තිබිණි.
එය දුරදිග යාමෙන් රාත්‍රී කෑම කඩයට හානිකර තිබු අතර සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුමක් ද හට ගත්තේය. සිද්ධිය පාලනය කිරීමට ආරක්ෂක හමුදාව පවා යෙදවීමට සිදුවිය.