(ජේ.කේ.එල් චාමින්ද)
ගිංගඟ ජල යෝජනා ක්‍රමය මගින් පාලනය වන පොම්පාගාර 10ම ක්‍රියාත්මක වන බවත් මේ වනවිට එම පොම්පාගාර මගින් ආරක්ෂිත කලාපයේ ඇති ජලය ඉවත් කරමින් පවතින බවත් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි.
ගිංගගේ ජල මට්ටම වැඩිවු විට ආරක්ෂිත කලාපයේ ජලය බැස නොයන බැවින් පොම්පාගාර මගින් ආරක්ෂිත කලාපයේ එක් රැස්වී ඇති ජලය ගඟට මුදාහරින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
අද (24) උදෑසන වනවිට ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.52ක් දක්වා ඉහළගොස් තිබු බවත් ජලය වැඩිවන ශීඝ්‍රතාවය අඩුවී ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. තවලම ජලමාපකයේ ජල මට්ටම අද උදෑසන වනවිට මීටර් 3.65 ක අගයක් සටහන්ව තිබු බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

