(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව හා දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හී අධික වර්ෂාවත් සමඟ ගිංඔය හා මාඔය පිටාර ගැලීමෙන් පවුල් 375 ට පමණ අයත් පුද්ගලයන් 1500 ක් පමණ අවතැන් වී ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ගිංඔය පිටාර ගැලීමෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයට අයත් ග‍්‍රාමසේවා වසම් 12 ට අයත් පවුල් 350 ක පමණ අයත් පුද්ගලයන් 1400 ක පමණ පිරිසක් පෙරේදා දිනයේ සිට අවතැන් වී ඇති බවත් එම පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බවත් ඔවුන් සඳහා පිසු ආහාර ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ප‍්‍රාදේශීය ලේකම් සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ගිංඔය මුහුදට වැටෙන නයිනමඩම වෙල්ලමංකරය මෝයකට කපා පුළුල් කර කපා තිබීම හේතුවෙන් ඉහළින් එන ජලය ක‍්‍රමයෙන් බැසයන බව ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.