(ගාල්ල අමල් වික්රමරත්න)
වෙසක් පෝදා උදෑසන නිවෙස් වලින් දන්සැල් යනබව පවසා පිටත්වගිය 15 හැවිරිදි පාසල් ළමුන් 07 දෙනක් ගිංගගේ දිය නෑමට ගොස් ඉන් දෙදෙනෙකු දියේ ගිලී මියයාමේ පුවතක් ගාල්ල ගින්තොටින් වාර්තාවේ.
ගාල්ල ගනේගොඩ මහා විදුහලේ ඉගෙනුම ලබන මෙම සිසුන් 7 දෙන අදුදාසන නිවෙස් වලින් පිටව ගොස් ඇත්තේ පාපැදි 04 කිනි.මග දෙපස තිබු දන්සැල් සප්පායම් වෙමින් ගින්තොටට පැමිණි මෙම පිරිස ගිංගගේ දිය නෑමට ගොස් ඇත.
එහිදී 4දෙනෙකු ජාල පහරට ගසාගෙන ගොස් ඇති අතර ප්රදේශ වාසීන් විසින් දෙදෙනෙකු බේරාගෙන ඇත.අනෙක් සිසුන් දෙදෙනා ගැන තොරතුරු හරියාකාරව මොපවසීම නිසා අනිත් ළමුන් දෙදෙනා බීරා ගැනීමට තමනට අපහසුවූ බව මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස පවසයි.රාත්රී 07 ට පමණ දියේ ගිලුණු සිසුන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට ප්රදේශ වාසීහු සමත්විය
මෙම අනතුරින් මියගොස් ඇත්තේ නරාවල සහ ඒ අවට පදිංචි සිසුන් දෙදෙනෙකු වූ 15 හැවිරිදි ආර්.ජි.ලක්ෂිත සහ 15 හැවිරිදි පැතුම් නමැති සිසුන් දෙදෙනෙකි.ඉතිරි සිසුන් 05 දෙනා ගාල්ල පොලිසිය මගින් ගාල්ල පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ගෙනගොස් තිබිණි,

