ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී



 
(ජේ.කේ.එල් චාමින්ද) 


තවලම ප්‍රදේශයට ඊයේ (23) රාත්‍රී ඇදහැලුණු වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ප්‍රදේශයේ  තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.6ක් දක්වා වැඩිවු බව ගිංගඟ වාරිමාර්ග ඉංජ්නේරු චමිලා විරක්කොඩි මහත්මිය සඳහන් කළාය.
 
ජල මට්ටම වැඩි වුවද මේවනවිට එහි ජලය බැස යමින් පවතින අතර ඒ සමඟ ගිංගඟේ  බද්දේගම  ප්‍රෙදේශයේ ජල මට්ටම යළි වැඩිවීමේ තත්වයක් දක්නට ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය පැවසුවාය.
 
අද (24) උදෑසන වනවිට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.5ක් දක්වා සටහන් වී ඇති අතර එම ජල මට්ටම නොවෙනස්ව පවතින බවද ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය.