(සිරංගිකා ලොකුකරවිට සහ ඩී ජී සුගතපාල )
ගාල්ල දිස්ත්‍රික්කයට සෙනසුරාදා (19) සවස සිට නොනවත්වා ඇදහැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ගිංගඟේ ජලමට්ටම පිටාර ගැලීමට ආසන්න වීමෙන් අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එල්.එස්.සූරියබණ්ඩාර මහතා පැවසීය.
තවදුරටත් වැසි ඇතිවන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන බැවින් මෙම තීරණය ගත්බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
දැනට නෙළුව,තවලම හා නියාගම ප්‍රදේශයන්හි මෙලෙස ගංවතුර අවදානමක් හටගෙන ඇති බැවින් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමටත් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
නෙළුව, තවලම හා නියාගම ප්‍රදේශවලට නාවුක හමුදාවේ බෝට්ටු කිහිපයක් යවා ඇති බවත් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට මුදවාගැනීමේ කණ්ඩායම් හා සහන සේවා සූදානම්ව ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
පහත්බිම්වල සිටින ජනතාව වඩාත් විමසිලිමත්ව සිටින ලෙසත් ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසත් ඔවුන් ජනතාවගෙන් සිටියි.