(සිරංගිකා ලොකුකරවිට,අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගේවත්ත)
ඉකුත් පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූමි.මි.197.5 ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයට ඇදහැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා ගාල්ලේ පහත්බිම් රැසක් ජලයෙන් යටවීමෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇත.මේ අතර ගිංගඟේ බද්දේගම ජල මාපාංකය මීටර් 3.91ක් වශයෙන් සටහන්වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි පිටාර මට්ටම ලෙස සලකන්නේ මීටර 4කි.මේවන විටත් අගලිය ඇතුළු ගම්මාන කිහිපයකට ගිංගඟ පිටාර ගැලීමෙන් සුළු ආපදා තත්වයකට මුහුණ දීමට සිදුව ඇත.
ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 1166 සාමාජිකයන් 4574 දෙනෙකු පීඩාවට පත්වී ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරු පවසති.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසන්නේ මේ වන විටත් විටින් විට කාලගුණය යහපත්වී ඇති නමුත් රාත්‍රී කාලයේදී දැඩි වර්ෂාපතනයක් ලැබුණහොත් පීඩාවට පත්වන පිරිස මීට වඩා ඉහළ යාහැකි බවයි.
වැසි ජලය එක්රැස්වීම නිසා ඇතිවන පීඩා අවම කිරීමට කොග්ගල,බලපිටිය,දොඩන්දුව,කොස්ගොඩආදී ප්‍රදේශවල මොයකටවල් කැපීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවද ඔහු පැවසීය.

(ඡායාරූප- අමල් වික්‍රමරත්න)

(ඡායාරූප-සිරංගිකා ලොකුකරවිට)

