ගෑස් හිඟයක් ඇතැයි බියවී ජනතාව ගෑස් එක්රැස් කරති


 

(යොහාන් භාසුර)

ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගබඩා කරගැනීමට පෙළඹීම නිසා ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ ගෑස් හිඟයක් නිර්මාණ වී ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (28) පස්වරුවේ පැවසීය.

ඇතැම් පාරිභෝගිකයන් ඔවුන් සතුව ඇති ගෑස් සිලින්ඩර දෙක තුනට එකවර ගෑස් සහිත සිලින්ඩර මිලදී ගැනීමට පෙළඹී ඇතැයි කී සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව අවශ්‍ය තරම් තොග ඇති බව ද සඳහන් කළේය.

සිය සමාගමේ දිනක සාමාන්‍ය ගෑස් සිලින්ඩර අළෙවිය 80,000 ක් වුවද පසුගිය දින දෙක තුළ අළෙවිය ලක්‍ෂ දෙක ඉක්මවා තිබූ බවත් ගෑස් හිඟයක් පිළිබඳව ජනතාව කිසිඳු බියක් තබානොගත යුතු බවත් තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.