ගාල්ලේ පැදින්නෝරුවේ නිවසක අද අළුයම සිදුවූ පිපිරීමකින් පියා (60) සහ දියණිය (30) පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. පිපිරීම සිදුව ඇත්තේ ගෑස් ලිප දල්වද්දී බවත් ගෑස් කාන්දුවක් පිපිරීමට හේතුව බවත් නිවැසියෝ කියති. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ දියණියගේ තත්ත්වය තරමක් බරපතල බවයි.

