(යොහාන් භාසුර)
කොළඹට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවැසීය.
මෙම ගෑස් තොගයේ 'එතිල් මර්කැප්ටන්' රසායනිකය ප්‍රමිතියට අනුකූලව නොමැති බවත් එම ගෑස් පිළිබඳ වාර්තාව අද පස්වරුවේ විශේෂ තාක්ෂණික කමිටුවට යොමු කිරීමෙන් පසුව අවසන් තීරණය ගනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

