
(රංජන් කස්තුරි)
රටපුරා තවමත් ගෑස් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.
ගෑස් හිඟය සති දෙක තුනකින් නිම වන බවට ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ ද තවමත් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට එම සමාගමට නොහැකි වී ඇතැයි ද පාරිභෝගිකයෝ කියති.
මේ අතර මාස ගණනාවක සිටම ලාෆ්ස් ගෑස් තොග වෙළෙඳපොළට ලැබී නැතැයි වෙළෙඳහල් හිමියෝ කියති.

