ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමේදී වංචාවක් වී ඇතැයිද නැවත එය පෞද්ගලීකරණය කිරීමට සූදානම්වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අපි සියලු දෙනාගේ අවධානය මැතිවරණයට යොමුවෙද්දී ව්‍යාපාරික ප්‍රජාව විවිධ අයථා ක්‍රියාමාර්ගවල යෙදෙනවා. ගෑස් පෞද්ගලීකරණය කිරීම එකල අපකීර්තිමත් ගනුදෙනුවක් වුණා. හිටපු ජනපති මහින්ද මිලියන 7.6ක් ගෙවලා නැවත ගෑස් රජයට පවරා ගත්තා. ෂෙල් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය ගෑස් අඛණ්ඩව සපයන්න ගිවිසුමකට එළඹුණු බවට මට ආරංචි තියෙනවා. මෙතැන වංචාවක් වෙලා.‘


