(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර වැලිමළුව ප්‍රදේශයේ දි ගම්වාසීන් පිරිසක් එක්ව මත් කුඩු විකුණන දෙදෙනෙකු අල්ලා පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පොලිසියට බාර දීමේ සිද්ධියකින් පසු අද 08 අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රදේශයේ වෙළෙදසැලකට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.
එහෙත් ගින්න පැතිරී යාමට පෙර වැළකි ගොස් තිබු නිසා විශාල හානියක් සිදු වී නොමැත.
ගෑස් සිලින්ඩර ස්ථානගතකර තිබු කුටියකට ඉන්ධන දමා ගිනි තැබීමට උත්සාහ ගෙන තිබුණත් ගින්න පැතිරි ගොස් නැතැයි පොලිසිය පවසයි .
මත් කුඩු විකිණීම සිදු කරන බව කියන දෙනෙනා අල්ලා දීම නිසා මෙම වෙළෙද සැලට ගිනි තබා ඇති බව පොලිසිය සැකකරයි.
අද අලුයම (08) වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙළෙද සැලේ ගෑස් සිලින්ඩර ස්ථානගතකර තිබු කුටියට ගිනි තබන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වි ඇත.
ඒ සම්බන්ධව රත්නපුර මුලස්ථාන පොලිසිය පරික්ෂණ සිදු කරයි.
රත්නපුර මුලස්ථාන පොලිස් පරික්ෂක රෝහාන් ඔලුගල මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ.

