
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරගල සමයේ රැගෙන ආ බවට සැක කරන ගෑස් උණ්ඩ 10 ක් අඩංගු බෑගයක් කොළඹ 7 මල් පාර කොමන් කොපි හවුස් ගොඩනැගිල්ලේ වහලය මත තිබී හමුවූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
කැමා වර්ගයේ බෑගයක එම උණ්ඩ තිබී ඇත.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් කුරුඳුවත්ත පොලිසියේ වැඩ ස්ථානාධිපතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව එම ගෑස් උණ්ඩ සොයාගෙනඇත.
2022 වර්ෂයේදී අගමැති කාර්යාලය ආසන්නයේ අරගලකරුවන් විසින් සිදු කළ උද්ඝෝෂණය අතරතුරදී ආරක්ෂක අංශ විසින් රැගෙනආරක්ෂක අංශ විසින් රැගෙන ආ ගෑස් උන්ඩ අරගල කරුවන් අතට පත්ව විසි කිරීමේදී මෙම ගොඩනැගිල්ලේ රැඳී තිබෙන්නට ඇති බව සැක කරන බවට වාර්තාකර ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසිය.
ගෑස් උණ්ඩ බහා තිබූ කැමා වර්ගයේ බෑගයේ අව්වට සහ වැස්සට තෙමීමෙන් දිරාපත් වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

