ගෑස් 300 කින් නංවන්න සමාගම් අවසර ඉල්ලයි


(මහින්ද නිශ්ශංක)

ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි.

ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මල වැඩි කිරීමට ඉක්මනින් අවසර  දෙන ලෙස සමාගම් දෙක ඉල්ලා ඇත.

ගෘහස්ථ ගෑස් සිරින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි ගණනකින් වැඩි කිරීමට සමාගම් දෙක අධිකරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 1431කි.