ගැහැනුන් මරා පේස්ට්‍රි හදයි


මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා වන  ගැහැනුන් මැරූ කල්ලියක්  ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඒ වනවිට එම කල්ලියේ මිනිසකු, ඔහුගේ බිරිය, අනියම් බිරිය, ගැහැනුන් දෙදෙනකු මරා මස් වලින් පේස්ට්‍රි හදා අසල්වැසියනට විකුණා ඇතැයි පොලිසිය පවසයි.  ඔවුන් ද එම පේස්ට්‍රි ආහාරයට ගෙන ඇත. ජෝර්ජ් බෙල්ට්‍රාඩ් නෙග්‍රො මෙන්වේ (51) හා ඔවුගේ බිරිය එලිසැබෙත් පීරෙස් ද සිල්විරා (51) හා අනියම් බිරිය බෘනා ද සිල්වා සැකපිට අත්අඩංගුවට ගත් අයවෙති. කුඩා දරුවන් බලා ගැනීම සඳහා ආකර්ශනීය වැටුප් දෙන බව කියන ගැහැණුන් ගෙන්වා වසරකට තිදෙනකු බැගින් මරා දැමීම ‘කාර්ටෙල්‘ නම්  කල්ලියේ අරමුණ වී ඇත.