(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
කැළි කසළ බැහැර කිරීමේ ක‍්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනතාවගේ මුලික අයිතිවාසීකම් කඩ වන බව සඳහන් කරමින් අද (27) ශ්‍රේෂ්්‍යඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම සිදුවුයේ පරිසර අධිකාරීයේ වරදින් වන හෙයින් කැළි කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ආපදා කළමණාකරණ ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතීපතිවරයා නම් කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරීය අනුමත කළ ස්ථාන වලට පමණක් මීට පෙර කැළි කසළ බැහැර කළ බවත් මෙවන් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් ඕනෑම ස්ථානයකට කැළි කසළ බැහැර කිරීමට හැකියාව ලැබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දෙයි. එහෙයින් මිනිස් ජීවීත වලට දැඩි බලපෑමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දෙයි.

