ගැමියෝ සිරිධම්ම හිමි ඇඳ පිටින් ගම වටේ වැඩමවති


පාලකයන් දෙන ලද පොරොන්දුව පරිදි රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන තුරු තම සටන අත් නොහරින බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියති.

කම්හල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ගත් තීරණ අනුව වාර්තා ලැබෙන තෙක් එහි නිෂ්පාදන ආරම්භ නොකරන බවට වැලිවේරිය පොලිසියේදී අද දුන් පොරොන්දුව පිළිගන්නා බව ද ඒ හිමියෝ පවසති.

පෙරදින පෙරවරුවේ සිට කම්හල තුළ සිටි සේවකයන් 350ක් පමණ පොලිසියේ හා පොලිස් විශෙෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ කම්හලෙන් පිටව ගියහ. ඔවුන් පිටව යද්දී ගැමියෝ හූ තැබූහ.

ඉන් පසු සිරිධම්ම හිමි සිටි ඇද පිටින්ම උස්සාගත් ගැමියෝ ඒ හිමියන් රැගෙන ගම වටේ ගොස් පන්සලට ළඟා වූහ.

(වීඩියෝ තරිඳු ජයවර්ධන සහ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)