මිනුවන්ගොඩ යාගොඩමුල්ලේදී පසුගිය 10 වැනිදා ජනපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රියක් බස් දෙකක හැපීමෙන් පස් දෙනකු මියගිය තැන අද (16) ගැමියෝ හත්දවසේ දානය දුන්හ.
පාර අයිනේ කූඩාරමක සාංඝික දානය දී මියගිය පිරිසට පින් පැමිණවීමේ පිංකමට ජනපති ආරක්ෂක අංශයද සහභාගීවී සිටියේය. අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පැතීමද එහිදී සිදුවිය.

