සිතුම් චතුරංග
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.
ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.
දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප‍්‍රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
ගම්වාසීන් අවට ප‍්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප‍්‍රදේශවාසීන් පවසා සිටියහ.
වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.
දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප‍්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.
දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප‍්‍රදේශවාසීන් කියති.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.