(ඩයනා උදයංගනී)
ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අනුමැතිය ලබා දී ඇතැයි එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ගර්භනී කාලය මාස 6 ට වැඩි ගැබිනි මවුවරුන්ට බූස්ටර් එන්නත ලබාදිමට මෙලෙස අනුමැතිය දී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.
මේ දක්වා කොවිඩ් ආසාදිතවීමෙන් ගැබිනි මවුවරුන් 60ක් මියගොස් ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
නමුත් ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වන මරණ සංඛ්‍යාවේ සහ ගැබිනි මවුවරුන් කොවිඩ් හේතුවෙන් අසාධ්‍යවීමේ කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.
මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් සිටින නමුත් ඉන් කිසිවකුත් අසාධ්‍ය තත්වයේ නැතැයි කී වෛද්‍යවරයා එය අනිවාර්යයෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් බව ද කීවේය.
එබැවින් ඔවුන්ට බූස්ටර් එන්නත ලබාදීම ද සාර්ථකව සිදුකළ යුතු බව කී වෛද්‍යවරයා එමගින් ගැබිනි මවුවරුන්ට මෙම රෝගයෙන් ඇතිවිය හැකි බලපෑම අවම වන බව ද පැවසීය.

