ගැබිණි ගුරුවරියන්ට පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙමින් ඊයේ නිකුත් කෙරුණු 21/2018 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද නියෝග කර ඇත.
ඒ වෙනුවට ඕනෑම පහසු ඇඳුමක් ඇඳිමට අවසර දෙන පරිදි චක්‍රලේඛය නිකුත් කරන ලෙස ද අගමැතිවරයා නියෝග කර ඇත.
අදාල චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණේ ගැබිණි ගුරුවරියන්ට සාරිය වෙනුවට ඇඳිය හැකි පහසු ගවුමක් හඳුන්වා දෙමිනි.
එහෙත් ඒ හඳුන්වා දුන් ගවුමේ ඇති අපහසුතා පිළිබඳව ගුරුවරියන් පිරිසක් අද පෙරවරුවේ අගමැතිතුමන් හමුවී කල අදහස් දැක්වීමකින් පසු අගමැතිවරයා මෙම පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඇඳුමේ සැලසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නොදන්නා අතර එය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරියක් විසින් සැලසුම් කරන ලද එකක් බවය.