(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.
සියලුම ගර්භණී මව්වරුන්ට නේවාසික ප්‍රතිකාර ලබාදීමට රෝහල්වල පහසුකම් තිබීම නිසා ඔවුන්ව රෝහල්වල තබාගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති බවත් කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්ගේ යම් අඩුවක් මේ වන විට ඇති බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

