එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.
පුත්තලම සිමෙන්ති කම්හල වෙත හුණුගල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටී ඇති ඇතින්න එරණවිල්ලුව වැව්තාවල්ලට වැටී ඇත.
ඇතින්නට ප්‍රතිකාර සිදුකරන බව වයඹ වනජීවී භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
අද උදෑසනම එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායම ඇතින්නගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙස වෙති.
ඡායාරූප රෝවෙන් පෙරේරා
ඡායාරූප සහ වීඩියෝ පුත්තලම එච්.චන්දන

















