චමිල් රූපසිංහ
ගැටුම්කාරී තත්ත්වයකින් පසු උඩුනුවර ප්‍රාදේශීය සභා පළමු සැසි වාරය අද (27) අතරමැදදී කල් තැබීමට ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිදු විය.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට පැමිණියහ. සභාපතිවරයාගේ නිල රථයේ හිටපු සභාපතිවරයා නංවාගෙන පැමිණි බව හා සභාවේ ආසන පනවා තිබූ ආකරය නිවරදි නොවන බව කියමින් මන්ත්‍රීවරු විරෝධය පැහ.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේසය මත නැඟ හිටපු සභාපති පාවා දී එක්සත් ජාතික පක්ෂයට සභාපතිකම ගැනීම සඳහා උදවු කළ බව කියමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන්ට බැණ වැදුනේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හට විපක්ෂය ලෙස වෙනම ආසන වෙන් කර දුන් පසු සභාව ආරම්භ විය.
නැවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පෑ අතර ඔවුන් සභාවේ ලේකම්වරයාට කියා සිටියේ සභාව පැවැත්වීමේ කාලය පසු වී ඇති නිසා සභාව පැවැතිවීමට නොහැකි බවයි.
ගැටුම්කාරි තත්වය හේතුවෙන් සභාපති ගාමිණී තෙන්නකෝන් මහතා පළමු සැසි වාරය අවසන් කරන බව නිවේදනය කළේය.