ක.ග කරුණාරත්න
පොළොන්නරුවේ ටිපර් රථ හිමියන්ගේ සංගම් රැස්වීමක් අද (29) මනම්පිටියේදී පැවති අවස්ථාවේ එහි දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකදී ටිපර් රථ හිමි සංගමයේ සභාපති වරයා තුවාල ලබා ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
මෙම ගැටුමේදී තුවාල ලැබූ ටිපර් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මෙම ගැටුමට සම්බන්ධ පාර්ශව දෙකම ඒ පිළිබඳව පැමිණිලි කිරීම් සඳහා පොළොන්නරුව පොලිසියට පැමිණි අවස්ථාවේදී ද ඔවුන් කලහකාරී ලෙස හැසිරී පහරදීමක් සිඳු කළ බව කියන අයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

