ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක්-පිහිය ඉවත් කරන්න සැත්කමක්


( හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වු දරුණු පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරවි සිටියදීම පුත්තලම රෝහලට අද (1 )  ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

පුත්තලම නගරයෙ මස්ජීද් විදියෙ අවුරුදු උදාව වෙනුවෙන් පැවති උත්සයක් අතරතුරදී තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ති‌බේ.

 පිහි ප්‍රහාරයට ලක්වු 20 හැවිරිදි තරුණයා මෙම ගැටුම වැලක්විමට උත්සහ කිරීමේදි එක් පාර්ශවයකින් අනිත් පාර්ශවයට එල්ලවු පිහි පහර වැරදි මෙම තරුණයාට වැදි තිබු බව කියයි.

එයින් පසු පිහි ප්‍රහාරයට ලක්වු තරුණයා කඩිනමින් උදරයෙ සිරව තිබු පිහියද සමග රෝහල් ගත කිරීමට ගැටුම බේරීමට එක්වු පාර්ශවයන් විසින් කටයුතු කර තිබුණි.

තරුණයාගේ පිහිය ඉවත් නොකර රුධිරය පිටතට ගලා ඒම වලකා සැත්කම සදහා විශේඥ වෛද්‍යවරයා පැමිණේන තුරු වාට්ටුව තුල රදවා තැබිමට කටයුතු කර තිබුනී. පිහිය ඉවත් කිරීමේ සැත්කම පුත්තලම රෝහලේදී අද උදෑසන අරඹා තිබිණි.