(රොමේෂ් මධුෂංක)
මරදන්කේනි වෙරළට පැමිණ සිටින සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුලු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් ඇතිවී ඇති නිසා එම ධීවරයින් වහාම ඉත් කරන ලෙස ඉල්ලා අද (11) යාපනය නගරයේ ධීවරයෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
යාපනය දිස්ත්‍රික් ධීවරයින්ගේ සංමය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ අතර යාපනය පන්නෙයි ධීවර හා ජලජ අමාත්‍යංශය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනකින් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා පැමිණ නැවත ධීවර හා ජලජ අමාත්‍යශය වෙත යාම සිදු කෙරිණි.
යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය පුද්ගලික බස් රථසංගමය, ත්‍රී රෝද රථ සංගමය හා යාපනය වෙළඳ සංගමය යන සංගම් ඇතුළු බොහෝ පිරිසක් මේ උද්ඝෝෂණයට සහය දක්වා ඇත.