මඩකලපුව වෙල්ලාවලි මන්ඩුර් තිත්කෝඩ් යන ප‍්‍රදේශවල මිනිස් ජිවිත බිලි ගනිමින් දේපල වලට හානි කරමින් සිටි ගැටයා නමැති තනි අලියා අල්ලා ගැනිමට අද (10) වනජිවි නිලධාරිහු සමත්වූහ.
නැගෙනහිර වනජිවි ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර සහ පොලොන්නරුව වනජිවි ඒකකයේ පශු වෛද්‍යය ප‍්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම අලියා නිර්වින්දනය කර අල්ලා ගැනිමට සමත්විය.
පසුගිය මාසයේ පමණක් මෙම ප‍්‍රදේශයේ මිනිස් ජිවිත 03 ක් බිලිගත් අතර මෙම අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙනියන ලෙසට ප‍්‍රදේශවාසින් විසින් පසුගිය දා විරෝධතාවයක්ද පවත්වන ලදි.
දින 03 ක පමණ කාලයක් අලියා පසු පස හඹාගිය වනජිවි නිළධාරින් ඊයේ රාති අලියාට නිර්වින්දන එන්නත ලබා දුන්නත් අලියා ජලය තිබෙන දූපතක් වැනි ප‍්‍රදේශයට ගිය බැවින් අද අලූයම සිට රැක සිටි වනජිවි නිලධාරින් වෙනත් ස්ථානයකදි අලියාට නිර්වින්දන බෙහෙත් දුන්නේය.
අල්ලා ගත් අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට කටයුතු කරන බව නැගෙනහිර පලාත් භාර වනජිවි අධ්‍යක්ෂක ඩී. එම්. විරසිංහ මහතා පැවසිය.







