ගාසා සටන් නවත්වන්න නෙදන්යාහු කැමතියි


ඉරානයට එරෙහිව යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

 ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගාසා තීරයේ හමාස් පාලනය වෙනුවට, ගාසා තීරය අරාබි රාජ්‍යයන් හතරක් එක්ව පාලනය කිරීමේ සැලැස්මක් කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි පැවසෙයි.