ගාලුමුවදොර ඩ්‍රෝන යැවු තරුණයෙක් මාට්ටු


(ඉන්දිකා රාමනායක)

ගාලුමුවදොර පිටියේ අනවසරයෙන් ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කළ තරුණයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙම තරුණයා ඩ්‍රෝන යානාව ගුවන්ගත කරමින් සිටියදී ගුවන් හමුදා සාමාජිකයන් විසින් ඉහත තරුණයා අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාරදී ඇත.

කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.