ඩයනා උදයංගනී
කොස්ගොඩ ජලාශයේ වෑල්වය සවි කිරීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට (3) පෙරවරු 9.00 සිට රාත‍්‍රී 7.00 දක්වා පැය 10ක කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ගාලූපාරේ බලපිටිය වයි.එම්.බී ශාලාව අසල සිට කොස්ගොඩ දක්වාත්, ඒ අතර ඇති සියලූ අතුරු මාර්ගයන්හිත්, ගල්මංගොඩ සහ බෙන්තර ජල සම්පාදන ක‍්‍රමය මගින් ජලය සපයන ප‍්‍රදේශයන්හිත් ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.