මොරටුව ගාලු පාරේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහනවලට යටවී තැලී පොඩිවී ගිය මළ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. වාහන කිහිපයක් සිරුරට උඩින් ධාවනය වී ඇති බවට ලක්ෂණ පෙනේ යැයි ද මෙය ඝාතනයක් ද යන්න සෙවීමට පරික්ෂණ පවත්වන බව ද පොලිසිය පවසයි. මියගිය පුද්ලයා අසළ තිබූ ඇඳුම් බෑගයේ පිහියක් ද හමුවී ඇත.

