ගාලු පාර අවහිර වෙයි


ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලු පාරේ ගමනාගමනයට බාධා ඇතිවූ බව පොලිසිය පවසයි.

කියුබාවට එරෙහි සම්බාධක වහා ඉවත් කිරීම, සිරියා ජන සංහාරය නැවැත්වීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකා තානාපති කාර්යාලය අසලට පැමිණි උද්ඝෝෂණයක නිරතවිය.

පඹයකුද පුළුස්සමින් මොවුහු මාර්ගයේ ගමනාගමනයටද අවහිර කරමින් පැය කිහිපයක් එහි රැඳී සිටියහ.

Kurutugami_2015102801(2) Kurutugami_2015102801(3) Kurutugami_2015102801(4) Kurutugami_201510280124