ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් අර්ථ නිරූපනයත්, අභියාචනාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවත් නොකතා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේනම් එම දින දෙකෙහි වැඩ වර්ජනය කිරීමට ගාල්ල නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කළ බව එහි ලේකම් අමරදිවාකර ලියනාරච්චි මහතා පවසයි.
අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ සියළුම අයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නඩු පැවරිය යුතු බවට දන්වා යැවීමේ යෝජනාවක් ද ගාල්ල නීතීඥ සංගම් රැස්වීමේදී සම්මත විය

