ගාලු- කොළඹ බස් වර්ජනය පැය 4 කින් අවසන්


 

 

අමල් වික්‍රමරත්න

 

අද (20) අලුයම 3.30 සිට ආරම්භ කළ ගාල්ල කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනය උදෑසන වනවිට නවතා දමා නැවතත් බස්රථ ධාවනය ආරම්භ කර ඇතැයි ගාල්ල බස් නැවතුම්පලේ වෙලා සටහන්කරුවෝ පවසති.

රත්ගම,කහව අම්බලන්ගොඩ ප්‍රදේශවලදී  කොළඹ දක්වා අංක 2 මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට  එල්ල වී ඇති  බව පැවසෙන තර්ජන නිසා තමන්ට බස් රථවලට මගීන් ගැනීමේදී සහ බැස්සවීමේදී බස් රථවලට  ආරක්ෂාවක් නැතැයි පවසමින් වර්ජනයක්  ඇරඹුහ.

බස් වර්ජනය කිරීම සහ අතහැරීම පිළිබඳව බස්  රියදුරන් අතර මේ වනවිටත් මතභේදයක් ඇතිවී තිබේ.

 මේ වන විටත් මාතර- කොළඹ පෞද්ගලික මගී බස්රථ වර්ජනයේ නිරතව සිටියද කතරගම කොළඹ, තංගල්ල -කොළඹ, ඇබිලිපිටිය-කොළඹ ආදී මාතර පසුකර ගෙන කොළඹ බලා ධාවනය වන බස්රථ ධාවනය වෙන බවද වර්ජනය අතහැරි රියදුරන් පවසන අතර එසේ තිබියදී තමන්ගේ වර්ජනය තේරුමක් නැති ක්‍රියාවක් බවද ඔවුන් පැවසීය.

ගාලු කොළඹ මෙන්ම මෙම මාර්ගයේ ගමන් ගන්නා  දුර ගමන් සේවා බස්රථ සෑම බස්  නැවතුමකම නතර කර මගීන් ගැනීම නිසා සාමාන්‍ය බස් රථවලට මගීන් නොමැතිවීමේ අර්බුදයකට මුහුණ පා ඇති බව බස් රියදුරෝ පවසති.