සුමතිපාල දීයගහගේ සහ ඩී ජි සුගතපාල
දින කීපයක් තිස්සේ නොකඩා ඇදහැලෙන ධාරානිපාත මහ වැස්ස නිසා අද (25) වන විට ගාල්ල දිසාවේ එක් පුද්ගලයකු මිය ගොස් පවුල් 491 කට අයත් පුද්ගලයින් 1816 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගංවතුර හේතුවෙන් ගාල්ල දිසාවේ නිවාස අටක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 155 ක් අර්ධ වශයෙන් හානියට පත්වී ඇත.
ගංවතුර බැස යෑමේ පහසුව සඳහා ගිංගඟ හරහා ඉදි කර ඇති ගාල්ල වක්වැල්ල පාලම අගලිය පාලම සහ අවිත්තාව පාලම් අසල ගඟේ රැදී තිබූ දැව කොටස් ඇතුළු වෙනත් අපද්‍රව්‍ය නාවික හමුදාව විසින් ඉවත් කළ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා කිය.
පොල්වතුමෝදර ගඟ දෙපස වැවී ඇති උණ ගස් ඇතුළු වෙනත් බාධාවන් ඉවත්කිරීමේ ශ්‍රමදානයක් අද (25) පවත්වන බවත් ආපදා කළමනකරණ ඒකකය විසින් ක්‍රියාත්මක කර ඇති පෙර සූදානම් දෙසතිය වැඩසටහන යටතේ ශ්‍රමදාන ඇතුළු වෙනත් පිරිසිදු කිරිම් සහ සහන කටයුතු ආරම්භ කර ඇති බවත් ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා වැඩි දුරටත් පැවසිය.