ගාල්ලේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට


(අමල් වික්‍රමරත්න) 
 
ගාල්ල අකුරැස්ස මාර්ගයේ පිලාන උලුකඩේ හන්දියේදී අද (1) යතුරුපැදි අනතුරකින්  තරුණයන් දෙදෙනෙක් මියගොස් තවත් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය  රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
 
සංගීත සංදර්ශනයක් නරඹා  එමින් සිටිය දී අනතුර සිදුවී ඇත.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ ඉමදුව කොඹල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකි. මොවුන් 22,23 යන වයස්වල පසුවන්නෝ වෙති.