ගාල්ලේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් දැලේ


(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)


 ගාල්ල ප්‍රධාන බාලිකා විදුහලක  පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම
බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත.
 
 පළමුවන ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් විදුහල්පතිනියගේ කාමරයේදී මවකගෙන් ගන්නා විට    විදුහල්පතිනිය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 සැකකාර විදුහල්පතිනිය වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල පොලිසියට භාරදීමට නියමිතව ඇත.