(අමල් වික්‍රමරත්න සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන මහ වැසි සමග ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ දම්පත් රත්නායක මහතා (21) පැවසීය.
අද සවස 06.00 අවසන්වූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනයවූ මිලි මීටර 122 ක් ගාල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයෙන් වාර්තාවූ බව ද ඔහු පැවසීය.
ගාල්ල වක්වැල්ල මාර්ගයේ සංඝමිත්ත ප්‍රදේශය ,ජූල්ගහ ,කලේගාන හංදිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල අඩියක් පමණ උසට වැසි ජලයෙන් යටවි තිබේ. අධික වැසි සමඟ ගිංගගෙහි අතුරු ඇලමාර්ග පිටාර ගලමින් පවතී. පවතින වැසි සහිත තත්වය අඛණ්ඩව ඉදිරියේදීත් පැවතුනහොත් ගිංගඟේ ජලමට්ටම ඉහළ යාමට ඉඩ ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය පවසයි.
මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇදහැලෙමින් පවතී.

