ගාල්ලේ ප්‍රධාන පාසල් දෙකක එකම පවුලේ දෙදෙනකුට කොරෝනා


 
(සිරංගිකා ලොකුකරවිට) 
 
ගාල්ල නගරයේ ප්‍රධාන පාසල් දෙකක අධ්‍යාපනය ලබන එකම පවුලේ දරුවන් දෙදෙනකු  අද (3) පාසල් පැමිණ සිටිය දී  කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ලේ රජයේ කාර්යාලයේ සේවය කරන ඔවුන්ගේ පියාට සහ මවට අද (3) උදෑසන සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරුවීමෙන් සෞඛ්‍ය අංශ ගිලන් රථයක් පාසල් දෙකට යවා එම දරුවන් දෙදෙනා ගෙන ගොස් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.  ඉන් තහවුරු වී ඇත්තේ දරුවන් දෙදෙනා ද කොරෝනා ආසාදිත බවයි.

ගාල්ල නගරයේ ප්‍රධාන පිරිමි විදුහලක 5 වන ශ්‍රේණියේ එක් දරුවකුත් ප්‍රධාන බාලිකා පාසලක 8 වන ශ්‍රෙණියේ අනෙක් දරුවාත් ඉගෙනුම ලබයි. එම දරුවන් ඉගෙනුම ලැබූ පන්ති දෙකෙහි සිසුන් සියලු දෙනා සහ ආශ්‍රිත වූ ගුරුවරුන් නිරෝධායනයට යොමු කරන බවත් පන්ති කාමර විෂබීජහරණය කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.