ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි


(අමල් වික්‍රමරත්න)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ  ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බලපිටිය,නෙළුව,අක්මීමන යන ප්‍රාදේශීය සභා හා හික්කඩුව , අම්බලන්ගොඩ යන නගර සභා සඳහා මෙලෙස ඇප තැන්පත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

මෙම අවස්ථාවට  දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමි, දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝර, අරියවංශ සම්මු , ඉසුරු දොඩංගොඩ , චන්න සාලිය යන පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු පළාත් පාලන ආයතන වලට තරග කිරීමට අපේක්ෂිත පිරිසක්ද පැමිණ සිටියහ.