ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 709ක ඡන්ද පෙට්ටි මේ වනවිට ගාල්ල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතී. තැපැල් ඡන්ද ගණන් කිරිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 17 දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කැරිණි. ගාල්ලේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 89කි. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 65-70ත් අතර ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශකැර ඇති බවයි. ගාල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරිමට හැකිවෙතැයි ද තේරීම්භාර නිලධාරීවරයා කීවේය.




