(අමල් වික්‍රමරත්න)
ගාල්ල කන්දෙවත්ත අල් මීරා විදුහල අසල මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඇතිවූ ගැටුමකින් සිව් දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටිති.
ක්‍රීඩා කළ මිතුරන් කණ්ඩායමක් අතර ඇතිව ඇති මෙම ආරවුල සදහා වෙනත් පිරිසක් මැදිහත් වීමෙන් මෙම සිද්ධිය දුරදිග ගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීමසදහා පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
තුවාල ලබා ඇති පුද්ගලයන් ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන අතර මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

