ගාල්ලේ ගංවතුර මට්ටම තවත් නගී


(ගාල්ල අමල් වික්‍රමරත්න සහ හබරාදුව නිමල් අල්ගේවත්ත)


නාගොඩ සහ යටලමත්ත ප්‍රාදේශවල ගංවතුර මට්ටම  ඊයේරාත්‍රී වැඩිවීම නිසා තවත් පහත්බිම් රැසක් අලුතින් යටවීම නිසා පීඩාවට පත්ව සිටි පිරිසට අමතරව තවත් විශාලපිරිසක්  පීඩාවට පත්ව ඇතැයි ආපදා සහන කණ්ඩායම් ප්‍රකාශ කරයි.


මේ අතර ගිංගග පිටාර ගැලීම නිසා කොටුවීඇති නෙළුව, පොලිස් ස්ථානය  සහ මේවනවිට ජලයෙන් යටවී ඇති හිනිදුම,නාගොඩ පොලිස්ස්ථානවල සේවයකරන පොලිස් නිලධාරීන් පිරිසක් මේවනවිට පොලිස්ස්ථාන තුලට කොටුවී ඇතැයි වාර්තාවේ.හිනිදුම පොලිස් ස්ථානයෙන් පිටවී ගිය නිලධාරීන්ට පොලිසියට පැමිණීමටත් පිටතට ගිය නිලධාරීන්ට  ඇතුලට පැමිණීමටත් නොහැකිවී ඇතැයිද වාර්තාවේ.


පානීය ජලය සහ විදුලිය පොදුවේ ගංවතුර තර්ජනය ඇති ප්‍රදේශ වලට තදින්ම බලපෑ ඇති අතර ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල කැසිකිලි වැසිකිලි උතුරා යාම ද බලවත් සවුක්ය ගැටළුවක් බවට පත්වෙමින් තිබෙන බව එම ප්‍රදේශ වල අපකළ සංචාරයේදී බොහෝදෙනෙක් පැවසීය.


හිනිදුම පොලිස් ස්ථානය සම්බන්ද කර ගැනීමට මේ මොහොත වනවිට නොහැකිවී ඇති බවත් නාගොඩ පොලිසිය ,නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේවනවිට ජලයෙන් කොටුවීම සිය රාජකාරි කටයුතු සිදුකර ගැනීමටද බාධා එල්ලවී තිබිණි.

(ඡායාරූපය - අමල් වික්‍රමරත්න)