ගාල්ලට සහන සේවා කණ්ඩායම් සුදානම්


(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල )

ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ගාල්ල දිසාවේ බද්දේගම , බෙන්තොට ඇල්පිටිය,  හබරාදුව , ඉමදුව , කරන්දෙණිය , නෙලුව නාගොඩ නියාගම තවලම     , වැලිවිටිය , දිවිතුර සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  තුළ විපතට පත්වන ජනතාව බේරා ගැනීම සදහා මේවන විට බෝට්ටු විසි පහක් සහ අගුල් දහයක් ස්ථාපිත කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා  පැවසිය.


 මේ අතර ගංවතුර තත්වයක් ඇතිවි ජනතාව අවතැන්වුවහොත් ඔවුන් නතර කිරිම සදහා නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආරක්ෂිත ස්ථාන හයක්ද,නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආරක්ෂිත ස්ථාන දෙකක්ද බද්දේගම නියාගම බෙන්තොට සහ යක්කලමුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ආක්ෂිත ස්ථාන එක බැගින්දපිහිටුවා ඇතැයි රත්නායක මහතා කීය. 


 මේ  අතර දැනට සූදානම්කර ඇති බෝට්ටුවලට අමතරව තවත් බෝට්ටු විසි පහක් සහ අනෙකුත් උපකරණ සූදානම්කර තැබිමට වහාම පියවර ගන්නා ලෙසද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ගාල්ල ආපදා කළමනාකරණ 
ඒකකය වෙත දැනුම්දී ඇත.


 ඉදිරියේ ඇති විය හැකි ඕනෑම ආපදා තත්වයකදි පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සදහා රජය විසින් මුදල් ලබාදී ඇතැයිද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ස්චේචා සංවිධාන ඇතුලු සියලුම 

සහන සේවා කණ්ඩායම් සහන සැලසීමට සූදානම්කර ඇතැයිද ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් රත්නායක මහතා කිය.