ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරය සඳහා ආසන 2000 කින් යුත් සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි වාර්තාවේ.
රුපියල් මිලියන 1500 ක් ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි. මෙම සම්මන්ත්‍රණ ශාලාව ගාල්ල සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශ මායිමේ පිහිටි නුගදූව වත්තේ ඉදිකෙරේ.
මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම ස`දහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදුකරණ බව අනාවරණය වූයේ අද (12) පැවැති අක්මීමණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කම්ටුවේදීය. මෙම රැස්වීම අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
ගාල්ලට ආසන 2000ක සම්මන්ත්‍රණ ශාලාවක්
Recommended Articles