ගාල්ල වක්වැල්ල ජල පොම්පාගාරයේ ගින්නක්


සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
 
ගාල්ල ප්‍රධාන ජලපවිත්‍රාගාරයේ මීට සුළුමොහොතකට පෙර ඇතිවූ  ගින්නකින් එහි ප්‍රධාන විදුලිය බෙදාහරින පද්ධතියට බරපතල හානි සිදුව ඇත.
 

මෙම හේතුව නිසා ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සියලුම පිරිපහදු කටයුතු ඇනහිට ඇත.
 
පද්ධතිය යථා තත්වයට පත්කිරීමට යම්කිසි කාලයක් ගතවිය හැකි නිසා දැනට ගාල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදාහැරෙන ජලය ලබා දීම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
මේ වනවිට  ගිනි නිවන අංශ මැදිහත්ව ගින්න නිවා ඇත.