ගාල්ල රබර් කම්හලක ගින්නක්


සිරංගිකා ලොකුකරවිට

ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගාල්ල ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයකට යවා ඇති බව පොලිසිය කියයි.

ගාල්ල අකුරැස්ස රබර් ප්‍රතිචක්ක්‍රීකරණයේ හට ගත් ගින්න මැඩපවත්වා ඇති නමුත් වරින් වර ඇති බව සුළං හේතුවෙන් ගින්න නැවත ඇවිලිමට ඉඩ ඇති බැවින් අවට සිටින පදිංචිකරුවන් ආරක්ෂිතව ඉවත් වන ලෙස ආපදා කලමනාකරණ එ්කකය ඉල්ලා සිටියි.