ගාල්ල නගරාධිපති පොහොට්ටුවෙන් - එජාප නියෝජිත පරදී


සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න
 

ගාල්ල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා නගර සභාවේ සභිකයන්ගේ වැඩි ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්වූයේය. 
 
පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවට පත්වූ සහබන්දු මහතා නගරාධිපතිවරයා තේරීමේ රහස් ඡන්දයේ දී ඡන්ද 20ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපතිධූරයට නාම යෝජනා වූ ජිලිත් නිශාන්ත මහතා ඡන්ද 11ක් ලබාගත්තේය. 
 
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා හා ස්වාධීන කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 
 
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව නගර සභාවේ බලය පිහිටුවන බව ඊයේ නිවේදනය කර තිබූ අතර අද නගරාධිපතිවරයා තෝරන අවස්ථාවේ නම් දෙකක් ඉදිරිපත් වූයෙන් ඡන්දයකට යාමට තීරණය කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස නිතරගයෙන් පත්විය.

ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරුන් 13

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරුන් 3

ජනතා විමුක්ති පෙරමුනෙන්  3

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 1

ස්වාධීන  මන්ත්‍රීවරැන් 1